Sunday, May 12, 2024

General line - 0115112241

චීනය වෙලාගත් කොරෝනා ආසාධිතයින් ගණන 36801ක් වෙයි




නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුළ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 804ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව වෛරසයට ගොදුරු වීමෙන් මේ වනවිට මියගොස් ඇති මුළු ගණන 806 ක්.  

ඊයේ (08) දිනයේ පමණක් චීනයෙන් කොරෝනා මරණ 82 ක් වාර්තා වුණා. චීනයෙන් පමණක් දැනට නව කොරෝනා ආසාදිතයින් 36,801 ක් වාර්තා වන අතර චීනය ද ඇතුලූව රටවල් 28 ක් පුරා පැතිර ඇති එම වෛරසය ආසාදනය වී ඇති බවට මේ වනවිට හදුනාගෙන ඇති පුද්ගලයන් ගණන 37,155 ක්.

මේ අතර අමෙරිකානු නැව් සමාගම් 2ක් රටවල් 3 කට අයත් විදෙස් ගමන් බලපත‍්‍ර හිමි සංචාරකයින් සංචාර සඳහා එක් කර නොගැනීමට තීරණය කර තිබෙනවා.

එම රටවල් වන්නේ චීනය, හොංකොං රාජ්‍යය සහ මැකාවු රාජ්‍යයයි. නව කොරෝනා ව්‍යාප්තියත් සමග මෙම තීරණයට එළඹ ඇති බවයි එම නැව් සමාගම් ප‍්‍රකාශ කළේ.