Sunday, May 12, 2024

General line - 0115112241

සැඟව සිට 21ක් ඝාතනය කළ සෙබලාත් වෙඩි වැදී මරුට (UPDATE)




තායිලන්තයේ සාප්පු සංකීර්ණයකට කඩා වැදී පුද්ගලයින් 21 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකාර හමුදා සෙබලා එරට ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ සැකකරු මෙල්ල කිරීම සඳහා ඊට පෙර ගත් සියලු උත්සහයන් ව්‍යර්ථ වී ගොස් තිබූ බවයි.

---------------------

ජනතාව ඉලක්ක කර වෙඩි තබන සැකකරු මෙල්ල කිරීමට තවමත් මෙහෙයුම්

(09-02-2020 07:26)

 

තායිලන්ත හමුදා සොල්දාදුවෙකු විසින් එරට නකෝන් රචසිමා නගරයේ පිහිටි වෙළඳ සංකීර්ණයක් තුළ ඊයේ (08) පස්වරුවේ  සිදු කල වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20 දක්වා ඉහල ගොස් තිබෙනවා.

සිද්ධියෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.

විදෙස් වාර්තා පැවසුවේ සැකකරු තවදුරටත් එම වෙළඳ සංකීර්ණය තුළ සැඟව සිට ඔහු සතු ගිනිඅවියෙන් වෙඩි ප‍්‍රහාර එල්ල කර්මින් සිටින බවයි.

කෙසේවෙතත් වෙළඳ සංකීර්ණය තුළ සිරවී සිටි සිය ගණනක පිරිසක් ආරක්‍ෂිතව මුදා ගැනීමට එරට ආරක්‍ෂක අංශ සමත් වුණා. සැකකරු හා ආරක්‍ෂක අංශ අතර අද (09) අලුයම සිදුවූ වෙඩි හුවමාරුවකින් එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ. එහෙත් එම වාර්තා මෙතෙක් තහවුරු වී නැහැ.

සැකකරු විසින් වෙළඳ සංකීර්ණය තුළ ප‍්‍රාණ ඇපකරුවන් පිරිසක් රඳවා ගෙන සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහෙත් ඒ සම්බන්දයෙන් වන කිසිඳු නිල වාර්තාවක් මෙතෙක් තායිලන්ත බලධාරින් විසින් නිකුත් කර නැහැ.

අදාළ වෙළඳ  සංකීර්ණය තුළ සැඟව සිටින සැකකරු ඉන් පලායාමට උත්සාහ දරන බව ද සදහන්.

සැකකරු පාලනය කර ගැනීම සඳහා ඔහුගේ මව ද අදාළ වෙලද සංකීර්ණය තුළට කැඳවා  ඇති බවයි පැවසෙන්නේ.

ප‍්‍රහාරය සඳහා සැකකාර හමුදා සොල්දාදුවා තමන් සේවයේ නියුතු හමුදා බැරැක්කයෙන් පලාවිත් ඇත්තේ ඊයේ පස්වරුවේ බවයි පැවසුණේ.

ඒ එම හමුදා බැරැක්කයෙන් ගිනිඅවි සහ වාහනයක් ද පැහැර ගැනීමෙන් අනතුරුවයි. හමුදා බැරැක්කයෙන් පලා ඒමට පෙර සැකකරු එහි සිටි අණදෙණ නිලධාරියෙකු ද ඝාතනය කර තිබෙනවා.

සැකකාර හමුදා සෙබලා 32 හැවිරිදි වියේ පසුවන්නෙක්.