Tuesday, May 14, 2024

General line - 0115112241

මුතුරාජවෙල කඩොලාන පද්ධතිය විනාශයට - කටුනායක අධිවේගී මාර්ගය වසා දැමු ගින්නේ ජායාරූප මෙන්න (PHOTOS)




කටුනායාක - කොළඹ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයද පැය 08 කට අධික කාලයක් නතර කරමින් ඊයේ (20) දින මුතුරාජවෙල අභය භුමියේ පිහිටි කසල කන්දක ගින්නක් ඇතිවූවා.

මුතුරාජවෙල අභය භූමියේ උතුරු මායිමේ මීගමු කලපුවට යාබදව සියලු කඩොලාන ශාකයන් විනාශ කර දමමින් සීදුව මහ නගර සභාව විසින් ප්‍රදේශයට එකතුවන කසල එම ස්ථානයට බැහැර කරන බවයි පරිසරවේදීන් සඳහන් කර සිටින්නේ.

මෙම කඩොලාන ශාඛ පද්ධතියට එක් කරන කසල වලින් ගලායන ශ්‍රාවයන් මීගමුව කලපුවට සෘජුව බැහැරවීම නිසා එම පරිසර කලාපය විනාශ වෙමින් යන බවත් මෙලෙස කසල බැහැර කිරීම අත්හිටුවන්නැයි දන්වා අවස්ථා ගණනාවකදී බලධාරීන්ට දැනුවත් කලද මේ දක්වා කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවයි පරිසරවේදීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඊයේ සිදුවූ මෙම ගිණි ගැනීම හේතුවෙන් සීදූව, දඩුගම, උදම්මිට, ඒකල සිට ගනේමුල්ල දක්වා විශාල දුමාරයක් පැතිරගිය බවත් ඒ හේතුවෙන් හුස්ම ගැනීමට පවා අපහසු වූ බවයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු එම ප්‍රදේශවාසීන් සඳහන් කර සිටියේ.

පරිසරය ආරක්ෂා කර ගැනීම මුලික වගකීම බවත් මේ කරුණ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අවධානය යොමු විය යුතු බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර සිටින්නේ.

(ජයාරූප අනුග්‍රහය : දිනුෂ නානායක්කාර)