Tuesday, May 14, 2024

General line - 0115112241

වනජීවි වර්ජනයෙන් ජාතික වනෝද්‍යානවලට පැමිණි සංචාරකයින්ටත් පීඩා




දිවයින පුරා වනජීවි නිලධාරීන් ආරම්භ කළ හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් බොහෝ ජාතික වනෝද්‍යානවල කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. දීර්ඝ නිවාඩුව හේතුවෙන් අද (21) උදෑසන බොහෝ පිරිසක් ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණ සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

කෙසේවෙතත් වනජීවි නිලධාරීන්ගේ වර්ජනය හේතුවෙන් සංචාරකයින්ට වනෝද්‍යානවලට ඇතුළුවීමේදී බාධා එල්ල වුණා. මේ වනවිට වනෝද්‍යාන ආශ්‍රිතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක අදහස් පළ කළා.

දිවයින පුරා වනජීවි නිලධාරීන් මෙම වර්ජනය ආරම්භ කළේ ඊයේ පස්වරුවේ සිටයි. වනඅලීන්ගෙන් මහජනතාවට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් අද සිට කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.