Tuesday, May 14, 2024

General line - 0115112241

කැලණිය ඇතුළු නගර කිහිපයකට ජලය නැහැ 




ඇතිවූ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව වාර්තා වනවා. පෑළියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, කැලණිය, බියගම, මහර, දොම්පේ, ගම්පහ සහ සිදුව යන ප්‍රදේශවලට මේ හේතුවෙන් ජල සැපයුම විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ.

සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටා ඇති ජල පොම්පාගාරය ආශ්‍රිත ප්‍රදේශයට ඇතිවූ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කර සිටින්නේ.

මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක සංවර්ධන සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ සපුගස්කන්ද ප්‍රදේශයට අද උදෑසන 10.45 සිට පැය එකහාමාරක කාලයක් විදුලිය බිඳ වැටීමක් සිදුව තිබු බවත් මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්ව ඇති බවයි.