Wednesday, May 15, 2024

General line - 0115112241

පාඨලීගේ 'සූදු' කතාවට බන්දුලගෙන් පිළිතුරු




අමෙරිකාව සමග සම අනුග‍්‍රාහකත්වයෙන් ජිනීවාහි මානව හිමිකම් කොමිසම වෙත පැවති රජය ගෙන ආ යෝජනාවලියෙන් ඉවත් වීම එළඹෙන මහ මැතිවරණය ඉලක්ක කරමින් ගත් තීරණයක් බවට විපක්ෂය එල්ල කරන චෝදනා ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කරනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක ඊයේ (21) කියා සිටියේ එළඹෙන මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමේ සූදුවක් බවට ආණ්ඩුව එය පත්කර ගැනීමට තමන් තරයේ විරුද්ධවන බවයි.

එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා. 

"ඡන්ද ගුංඩු හරියන්නේ නෑනෙ ජිනීවාවලට. මව්බිම ගැන අදහසක් නැති අය කියන කතාවලට පිළිතුරුදීම අවශ්‍යද? "

30/1 යෝජනාවලියේ සම අනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වීම හේතුවෙන් ශී‍්‍ර ලංකාවට ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවනු ඇති බවට පලවන අදහස් සම්බන්ධයෙන්ද අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මෙහිදී අදහස් පල කළා. 

එහිදී "රට නැති වෙනවට වඩා අනෙක් ඕනෑම දෙයක් විඳ දරා ගන්න අපි සූදානම් ජාතියක් ලෙස. ලංකාවේ ඉතිහාසය තුළ රට රැකගෙන තියෙන්නෙත් රට බෙදන්නෙ නැතුවයි. රටක් පාවාදෙනවාට වඩා ඒ දුෂ්කරතාවලට මුහුණ දෙන්න අපි සූදානම්." යනුවෙන් සඳහන් කළා.