Friday, May 17, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ සිට පැමිණෙන සියලූ ගුවන් මගීන් කටුනායකදී විශේෂ පරීක්ෂාවකට




කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය දකුණු කොරියාවේද සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එරට සිට ශී‍්‍ර ලංකාවට පැමිණෙන ගුවන් මගීන් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. 

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය දකුණු කොරියාවේ සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග එරට වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් දැනුවත් කිරීමටද එරට ශී‍්‍ර ලංකා තානාපති කාර්යයාලය පියවර ගෙන තිබේ.

වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මේ වනවිට දකුණු කොරියාවේ ඬේගු නගරයේ ශී‍්‍ර ලාංකිකයින් සේවය කරන ආයතන රැසක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

මේ අතර දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය නව කොරෝනා වෛරසය මැඩලීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.