Friday, May 17, 2024

General line - 0115112241

වව්නියාවේ මාරක රිය අනතුරක් : පස් දෙනෙක් ජිවිතක්ෂයට

මාධව කුලසුරිය / දිනසේන රතුගමගේ




වව්නියාව, පන්ඩේරිකුලම් ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ ජීප් රථයක් එකිනෙකට ගැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් පසුව බස් රථය සහ ජීප් රථය ගිනි ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.