Friday, May 17, 2024

General line - 0115112241

"දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා සොයා බලනවා" - තානාපති කාර්යාලය




කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය දකුණු කොරියාවේ වෙසෙන කිසිඳු විදේශීය පුද්ගලයෙකුට මේ දක්වා ආසාධනය වී නොමැති බව එරට පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

ආරක්ෂිත ක‍්‍රමවේද සම්බන්ධයෙන් එහි සිටින ශී‍්‍ර ලාංකිකයින් දැනුවත් කිරීමට දැනටමත් කටයුතු කර ඇති බවයි එම තානාපති කාර්යාලය නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ. 

දකුණු කොරියාවේ සෝල් අගනුවර පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප‍්‍රධානී රැකියා සහ සුබසාධක උපදේශක සෙනරත් යාපා වැඩිදුරටත් කියා සිටියේ රතු නිවේදනයක් නිකුත් කර ඇති හෙයින් ශ්‍රී ලාංකිකයින් වැඩි අවධානයකින් පසුවිය යුතු බවයි.

මේ වනවිට ශ‍්‍රී ලාංකිකයින් සේවය කරන දකුණු කොරියාවේ ඬේගු නගරයේ පිහිටි ආයතන සහ කර්මාන්තශාලා රැසක් තාවකාලිකව වසා දමා තිබෙනවා. දකුණු කොරියාවේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයෙකු නෙත් නිවුස් වෙත අදහස් පළ කළා. 

එහිදී ඔහු පෙන්වා දුන්නේ දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ආරක්ෂා සහිතව සිටින බවයි.