Friday, May 17, 2024

General line - 0115112241

කොරෝනා මඩින ඖෂධයක් තවම නැහැ - සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරයි




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මැඩලීමට ඖෂධයක් හෝ එන්නතක් මෙතෙක් කිසිඳු රටක පර්යේෂක කණ්ඩායමක් සොයාගෙන නොමැති බව මෙරට සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියේ මේවනවිට ප්‍රතිකාර සිදුකෙරෙන්නේ එම වෛරසය ආසාධනය වූ පුද්ගලයාගේ රෝගී තත්ත්වය අනුව බවයි. 

මේවනවිට මෙරට රෝහල්වල නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන කිසිඳු රෝගියෙකු ප්‍රතිකාර නොලබන බව ද ඔහු සඳහන් කළා. 

චීනයට පසුව මේවනවිට නව කොරෝනා වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්තවෙමින් ඇත්තේ දකුණු කොරියාවේයි. ශ්‍රී ලාංකිකයින් 25,000 ක් පමණ එහි වෙසෙන අතර මේ දක්වා කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට වෛරසයෙන් බලපෑමක් එල්ල වී නොමැති බවයි එහි සිටින දර්ශන විජේසිංහ නෙත් නිවුස් වෙත සඳහන් කළේ.