Friday, May 17, 2024

General line - 0115112241

ඉකුත් රජයේ වතු නිවාස ව්‍යාපෘතියන් ප්‍රමිතියෙන් තොරයි : අමාත්‍ය තොන්ඩමන් කියයි




ඉකුත් රජයේ ඉදිකළ වතු නිවාස ප්‍රමිතියෙන් තොර බවට අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් චෝදනා කරනවා. ඔහු පවසන්නේ එම නිවාස ඉදිකිරීම සඳහා වෙන්කළ ප්‍රතිපාදනවලින් වංචාවන් ද සිදුකර ඇති බවයි. වත්මන් රජය යටතේ සිදුකෙරෙන වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් නැංවීමේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරමින් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මෙම අදහස් පළ කළා.

මෙම ව්‍යාපෘතියට අනුව ලිඳුල මෙරායා වතුයායේ වතුයායේ වතු නිවාස 100 ක් ඉදිකිරීමට නියමිතව තිබෙනවා. එක් නිවෙසක් සඳහා රුපියල් ලක්ෂ 10  බැගින් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර එක් නිවෙසක් ඉදිකිරීම සඳහා පර්චස් 07 ක භූමි ප්‍රමාණයක් ද වෙන් කෙරෙනු ඇති.