Friday, May 17, 2024

General line - 0115112241

ජිනීවා මානව හිමිකම් සැසියේදී රටවල් 03 ක් සහය දෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන්




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයේදී චීනය රුසියාව සහ ඉන්දියාව යන රටවල සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි විරෝධතාවලට ලක් රජය සාර්ථකව මුහුණ දෙනු ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. මෙම සැසිවාරය අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් එලිසබෙත් ටිචි ෆිස්ල්බර්ගර් ලබන 27 වනදා වාචික කරුණු දැක්වීමක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. 2015 තිහ එක, තිස් හතර එක සහ හතලිහ එක දරණ යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැක්වූ සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගන්නා බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය වෙත විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ඉකුත් සිකුරාදා දැනුම් දී ඇත්තේ. 

මෙම යෝජනා හරහා ඉකුත් රජය ජගත් මානව හිමිකම් කවුන්සිලයට පොරොන්දු වී ඇති කරුණු සම්බන්ධයෙන් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ මහ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මෙලෙස අදහස් පළ කළා.

මෙවර  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් සම්බන්ධයෙන් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ මහ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මෙලෙස අදහස් පළ කළා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වය යටතේ දූත පිරිසක් ද සහභාගීවිමට නියමිතයි. ලක් රජය ගෙන ඇති තීරණ පිළිබඳ ලබන 26 වනදා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කෙරෙනු ඇති. විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය රවිනාථ ආරියසිංහ මේවනවිටත් ජිනීවා නුවරට ගොස් සිටිනවා.