Friday, May 17, 2024

General line - 0115112241

උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවරයා මහ මැතිවරණයට

මාධව කුලසූරිය




උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් ඉදිරි මහ මැතිවරණයේදී සිය පක්‍ෂයෙන් යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ වදින බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පවසනවා. එම පක්‍ෂයේ නියෝජිතයින් සදහන් කළේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් සමග ඉකුත්දා පැවති බවයි.

ආචාර්ය සුරේන් රාඝවන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස එවක පත්කළ අතර, ඔහු වසර තුනක පමණ කාලයක් එම ධුරයේ කටයුතු කළා. ඉකුත් රජය සමයේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ආචාර්ය සුරේන් රාඝවන් දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් සමඟ ඉතා සමීපව කටයුතු කළ අයෙක්. ඔහුට ඉදිරි මහ මැතිවරණයේදී ඉලංගෙයි තමිල් අරසු පක්‍ෂයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරග වැදීම සදහා එම පක්‍ෂයේ නියෝජිතයින්ගේද අනුමැතිය හිමිවී තිබෙනවා.