Friday, May 17, 2024

General line - 0115112241

දැඩි උණුසුම ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම්




ප්‍රදේශ රැසක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වයඹ සහ බස්නාහිර පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අධික උණුසුම් තත්ත්වයක් අපේක්‍ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව වැඩි කාලයක් අව් රශ්මිය පවතින අවස්ථාවල එළිමහනේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් විජලනය සහ මස්පිඩු පෙරළීමේ ආබාධ තත්ත්වයන් ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. අධික උෂ්ණත්වය පවතින මෙම කාලසීමාවේදි වැඩි වශයෙන් ජලය පානය කරන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.

එමෙන්ම එළිමහනේ නවතා තබන රථ වාහන තුළ කුඩා ළමුන් තනිව රඳවා නොයන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.