Friday, May 17, 2024

General line - 0115112241

ජිනීවාහිදී ශ්‍රී ලංකා අභිමානය ආරක්ෂා කර ගත යුතුයි




මෙවර ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයේදී ශ්‍රී ලංකා රජය සිය අභිමානය රැකෙන අයුරින් කටයුතු කළයුතු බව හෙල රණවිරු බලමුළුවේ කැදවුම්කරු රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද එම කවුන්සිලය හමුවේ අදහස් දැක්වීමට නියමිතයි.

ඊයේ රාත්‍රි ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් හෙල රණවිරු බලමුළුවේ කැදවුම්කරු රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මෙලෙස අදහස් පළ කළා.

අද ජිනීවා මානව හිමිකම් සැසි වාරය අමතන විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආන්දෝළනාත්මක 30/1 සහ 40/1  ඇතුලු යෝජනාවලින් ශ්‍රී ලංකාව ඉවත්වන බව දැනුම්දීමට නියමිතයි. නව යෝජනා 05ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙහිදී ලක් රජය සිය ස්ථාවරය ඍජුව ප්‍රකාශ කළයුතු බවයි හෙල රණවිරු බලමුළුවේ කැදවුම්කරු රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සදහන් කළේ.

මේ අතර ජිනීවා මානව හිමිකම් සැසි වාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අද කැදවූ මාධ්‍ය හමුවකදී එහි මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මෙලෙස අදහස් පළ කළා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැච්ලේ ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් අද අදහස් දැක්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද එහිදී අදහස් පළ වනු ඇතැයි විශ්වාසය පල වනවා. විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හෙට දිනයේදී නැවත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් ඊට ප්‍රතිචාර දක්වනු ඇති බවයි වාර්තා වුණේ.