Friday, May 17, 2024

General line - 0115112241

බැසිල් ගේ  නඩුවක් විභාගයට ගන්න දින දෙයි 




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු දෙදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවක් අගෝස්තු මස 6 දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (26) නියෝග කළා. 

ඒ දිවි නැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ රුපියල් මිලියන 36 කට අධික මුදලක් සාවදය ලෙස පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය  බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්  කිත්සිරි රණවක යන අයට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙනි.  

මෙම නඩුවට අදාලව ඇතැම් ලේඛන විත්ති පාර්ශවයට මෙතෙක් ලැබී නොමැති බව අද අධිකරණයට දැනුම් දුන් අතර ඒවා විත්ති පාර්ශ්වයට  ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියෝග කරන ලදී.

2015  ජනාධිපතිවරනය සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ මුදල් රුපියල් මිලියන 36 ට අධික මුදලක් වැය කරමින් ජි.අයි.බට මිල දී ගෙන පළාත් පාලන ආයතන වෙත බෙදාහැරියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ සහ අනෙක් විත්තිකරු චෝදනා ලැබ සිටී.