Friday, May 17, 2024

General line - 0115112241

රන්ජන් ඇප මත මුදාහැරේ 




විනිසුරුවරුන්ට බලපෑම් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද ඇප මත මුදා හැරුණා. ඒ, නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

එහිදී ඔහුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරුණා. එමෙන්ම මන්ත්‍රීවරයාට විදේශගත වීම තහනම් කරමින් අධිකරණය එහිදී නියෝගයක් නිකුත් කළා. මේ අතර මාධ්‍යවල පල වූ හඬපට සමග පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ කටහඬ සැසෙදෙන බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී දැනුම් දී ඇත්තේ. විනිසුරුවරුන්ට බලපෑම් කිරීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමේ ඉකුත් මස 14වනදායි. 

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයින්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර වාචික දේශන මැයි මස 29වනදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා. මේ අතර මෙම නඩුව විභාග කළ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන අභාවප්‍රාප්ත වී ඇති බැවින් මෙම නඩුව විමසීමට විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ආදේශ කර තීබු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.