Monday, May 6, 2024

General line - 0115112241

අව්වට පිචිචුනු තේ වෙනුවෙන් වගා කරුවන්ට සහන දෙන්න රජය සූදානම්

රංජිත් රාජපක්ෂ




වැසි නොමැති වියලි කාලගුණය සහ උෂ්ණත්වය ඉහල යාම නිසා මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලද තේ වගාවට නරක බලපෑම් ඇති වී තිබෙනවා. එම ප‍්‍රදේශයේ තේ වගා බිම්වලින් සියයට 60ක් පමණ මේ වන විටත් වියලී ගොස් ඇති බවයි වතු සමාගම් පවසන්නේ. 1991 වසරෙන් පසු තේ වගාවට ඇති වු නරකම කාලගුණික බලපෑම් මේ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

වතු සමාගම් මෙන්ම කුඩා තේවතු හිමියන් සහ වතු කම්කරුවන්ද පිඩාවට පත්ව සිටින බවයි නෙත් නිවුස් කළ ක්ෂේත‍්‍ර අධ්‍යනයකදී පෙනී ගියේ. ඇතැම් කුඩා තේ වතු වල අස්වනු නෙලීම මාස 02ක් පමණ තිස්සේ සිදු නොවන  බවද ඒ නිසා ඇතැම් වතු කම්කරුවන්ට රැකියාද අහිමිවී ඇතැයිද මෙම ක්ෂේත‍්‍ර අධ්‍යනයේදී නීරික්ෂණය වුණා. 

වතු සමාගම්වල, කුඩා තේ වතු හිමියන්ගේ සහ වතු කම්කරුවන්ගේ මෙම මැසිවිලි සම්බන්ධයෙන් නෙත් නිවුස් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ පීඩාවට පත් පාර්ශව වලට සහන ලබාදීමට රජය කටයුතු කරන බවයි.

පීඩාවට පත් වතු සමාගම්වලට, කුඩා තේ වතු හිමියන්ට සහ වතු කම්කරුවන්ට සහන ලබාදීම සදහා වූ කැබිනට් පත‍්‍රිකාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙහිදී පැවසුවා.