Wednesday, May 15, 2024

General line - 0115112241

ඉතාලිය, ඉරානයේ සහ දකුණු කොරියාවේ සිට තවත් 315 දෙනෙකු දිවයිනට

ටී කේ ජී කපිල




ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල සිට අද දිනය තුළ මගීන් 315 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් සියළු දෙනා නීරෝධායන කටයුතු සදහා යොමු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේ වනවිට මගීන් 1448 ක් නීරෝධායන කටයුතු සදහා පොළොන්නරුව කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානය සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමු කර තිබෙනවා. කෙසේවෙතත් ලෝකයේ වෙනත් රටවල සිට විදේශීය සංචාරකයන් තවදුරටත් ශ‍්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණීම සිදු වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර හෙට සිට ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල සිට පැමිණෙන කිසිදු ගුවන් මගියෙකු ශ‍්‍රී ලංකාව තුළට පැමිණීම සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත භාර නොගන්නා බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර ප‍්‍රකාශ කළා. මේ පිළිබඳ එම රටවල සිට පැමිණෙන සියලූම ගුවන් සේවා ද දැනුවත් කර ඇති බවයි ඔහු පැවසුවේ.