Tuesday, May 7, 2024

General line - 0115112241

බස්රථ හා දුම්රිය විෂබීජ හරණය අද සිට




නව කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම වැළැක්වීම සඳහා පොදු ප‍්‍රවාහන සේවයට යොදා ගන්නා බස්රථ සහ දුම්රිය විෂබීජහරණය කිරීම අද සිට ආරම්භ වනවා.

ඒ, ආරක්ෂක අංශවල ද සහය ඇතිවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගැනුණා. 

මේ අතර නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා කොටුව බස් නැවතුම්පලට පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් ලබාදීමට ජාතික ගමනාගමන කොමිසම අද සිට කටයුතු යොදා තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීමටයි ජාතික ගමානගමන කොමිසමේ අවධානය යොමුව ඇත්තේ.