Monday, May 6, 2024

General line - 0115112241

නිරෝධායනය ප‍්‍රතික්ෂේප කළ පිරිස නිසා මතුවීමට තිබූ ගැටළු මගහැරුනු හැටි යුද හමුදාපති පෙන්වයි




නව කොරෝනා වෛරසය ආසාදිත බවට ඊයේ දිනයේ අලූතින් හඳුනා ගත් තිදෙනාගෙන් දෙදෙනෙකු ඉතාලියේ සිට මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ අය බව වාර්තා වනවා.

කෙසේවෙතත්, එම පුද්ගලයින් දෙදෙනා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ගැනීමට පෙර වෛරසය අසාදිත බවට සැක මතුවීම හේතුවෙන් පරීක්ෂාවන් සඳහා රෝහල් වෙත යොමු කළ දෙදෙනෙකු බවයි යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 
 

පසුගියදා මෙරටට පැමිණි අවස්ථාවේ නිරෝධායන කි‍්‍රයාවලියට විරෝධය පළ කරමින් කිහිපදෙනෙකු තමන්ට සිය නිවෙස් වෙත යාමට අවශ්‍ය බව ප‍්‍රකාශ කළා.

වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති මෙම පුද්ගලයින් දෙදෙනා ද එම අවස්ථාවේ මෙරටට පැමිණ ඇති බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

යම් හෙයකින් එල්ල වූ විරෝධතා මත මෙම පිරිස සිය නිවෙස් වෙත පිටත් කර හැරියේ නම් අර්බුද රැසක් මතුවීමට ඉඩ තිබූ බව ද යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත කියා සිටියා.