Tuesday, May 7, 2024

General line - 0115112241

බන්ධනාගාර නිලධාරීන්ට මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කරයි




බන්ධනාගාර තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සදහා බන්ධනාගාර නිලධාරීන්ට මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කිරීමට තීරණ කර තිබෙනවා.  

ඒ, ඊයේ සියළු බන්ධනාගාර අධිකාරීවරුන් කොළඹට කැදවා ඊයේ පැවති සාකච්ඡාවකදීයි. එහිදී තීරණය කර ඇත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු රෙදි ආශි‍්‍රතව මෙම මුඛ ආවරණ සකසා ගැනීමටයි.

ඒ අනුව එක් බන්ධනාගාරයකට මීටර් සියය බැගින් වූ රෙදි කට්ටල සෑම බන්ධනාගාරයකට ලබාදී තිබෙනවා. මුඛ ආවරණ බන්ධනාගාර ගත රැදවියන් හරහා මසා ගැනීමටයි තීරණය වී ඇත්තේ. 

මේ අතර සෑම බන්ධනාගාරයකටම නිලධාරීන් සහ රැදවියන් ඇතුළුවීමට පෙර දෑත් සෝදා පිරිසිදු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සියළු බන්ධනාගාර අධිකාරීවරුන්ට දන්වා ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර විදේශීය සංචාරකයන් බහුලව ගැවසෙන ප‍්‍රදේශ ආශි‍්‍රත පිහිටි බන්ධනාගාරවල විශේෂිත වූ සෞඛ්‍ය ආරක්‍ෂිත වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඊට මීගමුව, ගාල්ල, මාතර සහ යාපනය යන බන්ධනාගාරද අයත්. එම බන්ධනාගාර ආශි‍්‍රත රදවා සිටින විදේශීය රැුදවියන් වෙනම රදවා තැබීමටද තීරණය කර තිබෙනවා.