Wednesday, May 15, 2024

General line - 0115112241

හෙට නිවාඩුවේ වෙනසක් නැහැ - අත්‍යාවශ්‍ය නම් දීර්ඝ කිරීමටත් අවධානය




හෙට දින රජයේ, බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට රජය ගත් තීරණයෙහි වෙනසක් නොමැති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පැවසුවේ තවදුරටත් අත්‍යවශ්‍ය වන්නේ නම් පමණක් මෙම නිවාඩුව දීර්ඝ කිරීමට කටයුතු කරන බවයි.

එහෙත් අත්‍යාවශ්‍ය සේවා ලෙස සෞඛ්‍ය සහ අනෙකුත් සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යන ලෙස ද තොග සහ සිල්ලර වෙළඳසැල් විවෘතව තබන ලෙස ද රජය දැනුම් දෙනවා.