Wednesday, May 15, 2024

General line - 0115112241

ඉතාලියේ කොරෝනා හැදුණු වයස්ගත රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ නැහැ : දිනක් තුල මරණ 368ක්




නව කොරෝනා වෛරසය හේතුවෙන් ගතවූ පැය 24 තුලදී ඉතාලියෙන් පුද්ගල මරණ 368ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කර සිටිනවා. ලොම්බර්ඩියා නගරයෙන් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව 252ක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.

ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 1,809ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉතාලියේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව බව 24,747ක් වන බවයි බලධාරින් සඳහන් කරන්නේ.

මේ අතර වයස කොරෝනා වෛරසය හේතුවෙන් රෝගයට පත්ව සිටින වයස්ගත පුද්ගලයින්ට ඉතාලියේ රෝහල් තුලදී ප්‍රතිකාර ලබාදීම සෙමින් සිදුවන බවට චොද්නා එල්ල වනවා.

ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ වයෝවෘද්ධ රෝගීන්ට ඉතාලියේ රෝහල් වල දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබාදීම වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කරන බවයි.

වයස්ගත පුද්ගලයින් වෙනුවෙන් කාලය වෙන් කරනවාට වඩා ජිවත්විය හැකි වයස් සිමාවේ පසුවන කොරෝනා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් පෙළඹී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

වෛද්‍ය කාර්ය මණ්ඩල සේවකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ එරට රෝහල් වලට දෛනිකව වාර්තා වන කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව "සුනාමියක්" ලෙස ඉහළ යමින් පවතින බවයි.