Friday, May 17, 2024

General line - 0115112241

ජිනීවා පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ සේවකයින් ස්වයං නිරෝධානයට 




ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ සේවයේ නිරත වී සිටි කාර්යය මණ්ඩල සාමාජිකයින් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට විදේශ සබඳතා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ, එම අමාත්‍යංශයේ සේවයේ නියුතු නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් අනතුරුවයි.

එහි නවතම තත්ත්වය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය මේ බව සඳහන් කළා. 

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ විදේශ සබඳතා අමාත්‍යංශයේ නිලධාරිනිය සේවයට වාර්තා කළ දින මුණ ගැසුනු එම අමාත්‍යංශයේ සියලූ නිලධාරීන් සහ එම නිලධාරිනිය මෙන්ම නව කොරෝනා වෛරසය ආසාදනය වූ ඇයගේ පවුලේ සාමාජිකයා වාසය කළ, අමාත්‍යංශයට අයත් නිල නිවාස පිළිබඳ අවධානය යොමු කර ඇති බවයි. ඒ අනුව එම නිල නිවාසයන්හි වෙසෙන සියලූම නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම අදාළ නිලධාරිනිය ද ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි විදේශ සබඳතා අමාත්‍යංශය නිවේදනය කළේ. කෙසේවෙතත් අදාළ නිලධාරිනිය මේවනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද එම අමාත්‍යංශය සඳහන් කළා. 

ඊට අමතරව අමාත්‍යංශ පරිශ‍්‍රයේ අදාළ ප‍්‍රදේශය සහ අමාත්‍යංශයට අයත් සියලූ නිල නිවාස විෂබීජහරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ද විදේශ සබඳතා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 

මේ අතර බි‍්‍රතාන්‍ය, බෙල්ජියම සහ නෝර්වේ යන රටවල ශ‍්‍රී ලංකා දුත මණ්ඩලය විසින් ඉටු කරන කොන්සල් කාර්යාල සේවා සීමා කර තිබෙනවා. 
ඒ අනුව ශ‍්‍රී ලංකා දුත මණ්ඩලය විසින් සිදුකළ හදිසි සංචාරක ලේඛණ නිකුත් කිරීම, මරණ ලියාපදංචි කිරීම සම්බන්ධ සහතික නිකුත් කිරීම සහ වෙනත් අවශ්‍යයැයි සැලකෙන හදිසි සේවාවන් සීමා කර ඇති බවයි විදේශ සේවා අමාත්‍යංශ පැවසුවේ. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් 
ශ‍්‍රී ලාංකිකයින් හෝ විදේශිකයින් ශ‍්‍රී ලංකා ධූත මණ්ඩල කාර්යාල පරිශ‍්‍රයන්හි අනවශ්‍ය ලෙස එක්රැුස්වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව ද විදේශ සබඳතා අමාත්‍යංශය සඳහන් කළා.