Monday, May 6, 2024

General line - 0115112241

කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට පුද්ගලික රෝහල්වලට අවසර :  උපරීම මිල 6000 යි 




අද සිට නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකරනු ලබන PCR පරික්ෂණයන් සිදු කිරීමට පෞද්ගලික අංශයේ රෝහල් වලට අවසර ලබාදුන් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. 

එලෙස සිදුකරනු ලබන පරීක්ෂණය රුපියල් 6000ක උපරිම මුදලකට සිදුකරන ලෙස පුද්ගලික රෝහල් වෙත දැනුම් දුන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ පුද්ගලික අංශයේ රෝහල් සඳහා එම පරීක්ෂණය සිදුකිරීමට අවසර ලබාදී ඇත්තේ විශේෂ කොන්දේසි කිහිපයකට යටත්ව බවයි.

ඒ අනුව යම් පුද්ගලයෙක්ට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් PCR පරීක්ෂණය සිදුකරනු ලබන්නේ නම් එම රෝගීයා අනිවාර්යෙන්ම රෝහලේ නේවාසිකව සිටිය යුතු බවත් එම පුද්ගලයාගේ රෝගියාට එම පරීක්ෂණ සිදුකරන්නේ නම් එම පුද්ගලයාට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ තිබිය යුතු බව දැනුම් දී ඇත. එම පරික්ෂණය සිදුකරන්නේ නම් එය වසංගත රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක් ගේ අනුමැතියට යටත්ව සිදුකළ යුතු බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

යම් පුද්ගලයෙක්ට එම PCR පරීක්ෂණය කිරීමට පෙර එම රෝගියා සම්බන්ධයෙන් සම්පුර්ණ විස්තර සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට දැනුම් දිය යුතු බවත් එම රෝගියාගේ පරීක්ෂණයේ ප්‍රතිපල සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දිය යුතු බවට උපදෙස් ලබාදී ඇති බවයි මෙහිදී වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

රෝගියාගේ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිපල පැය 24 ක් ගතවීමට පෙර ලබාදිය යුතු බවටද කොන්දේසියක් මෙහිදී පුද්ගලික රෝහල්වලට දැනුම් දී ඇත.

පෞද්ගලික රෝහල් සඳහා යම් රෝගියෙක් ගේ සාම්පල් පරීක්ෂණ සිදු කිරීමට ලබා දුන හොත් එම රෝහල් වලට එම සාම්පල් රජයේ වෛද්‍ය පරීක්ෂණාගාරයට යොමු කළ හැකි බවත් ඒ සඳහා රුපියල් 6000ක මුදලක් අය කරන බවටද කියා සිටියා.