Tuesday, May 14, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයෙන් මියැදෙන ඉතාලි වැසියන්ගේ ශෝකාලාපය : අවසන් හුස්ම හෙළීමට පෙර සිය දරුවන්ගේ මුහුණ දකින්න අවසර ඉල්ලු හැටි වෛද්‍යවරියක් හෙළි කරයි 




කොරෝනා වෛරසයෙන් ජිවිතක්ෂයට පත්වන ඉතාලියේ රෝගීන් සිය අවසන් හුස්ම හෙලීමට පෙර තම ඥාතීන් සහ සමීපම හිතවතුන් දැක බලා ගැනීමේ නොනිමි ආශාවෙන් පෙළුනත් ඒ සඳහා තමන්ට සියලු දෙනාට උපකාර කිරීමට හැකියාවක් නොමැතිව ඇති බව එරට වෛද්‍යවරියක් වන Francesca Cortellaro ප්‍රකාශ කර සිටිනවා.

මෙම වෛද්‍යවරිය මිලානෝ හි පිහිටි ශාන්ත කාලෝ බොරමියා රෝහලේ සේවය කරනු ලබනවා.

මේ වන විට කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 4,032ක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 47,000 ඉක්මවන බවයි එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

" එය මොන වගේ හැඟීමක්ද කියා විස්තර කරන්න පවා අපහසුයි. රෝගීන් තමන්ගේ අවසන් හුස්ම හෙලන්න පෙර ඔවුන්ගේ දරුවන් හා මුණුබුරන් දැක ගන්න අපෙන් අවස්ථාවන් ඉල්ලා සිටිනවා. ඔවුන් දන්නවා ඔවුන්ගේ අවසානය ලංවෙලා කියලා. 

එක් මහළු මවක් තමන් මියැදීමට පෙර සිට මිණිබිරිය සමග කතා කරන්න අවශ්‍ය බවට අපෙන් ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී අප ජංගම දුරකථනයකින් වීඩියෝ ඇමතුමක් ගෙන එම කාන්තාවට තම මිණිබිරිය හා සම්බන්ධ වෙන්න අවස්ථාව උදාකර දුන්නා.

නමුත් එම කාන්තාව සිය මිණිබිරිය සමග කතා කරලා සුළු මොහොතකට පෙර අවසන් හුස්ම හෙළුවා. මම මේ වගේ අවස්ථා ගණනාවකට මුහුණදී තිබෙනවා" එම වෛද්‍යවරිය කියා සිටියා.