Tuesday, May 14, 2024

General line - 0115112241

වසංගතයට පෙර සිදුකළ අනතුරු ඇඟවීම ගණන් ගත්තේ නැහැ : අමෙරිකානු බුද්ධි අංශ කියයි




ඉදිරි මාස කිහිපයේදී වසංගත තත්ත්වයක් ඇති වන බවට මිට මාස කිහිපයකට පෙර සිට බුද්ධි අංශ විසින් සිදුකළ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොසලකා හැර ඇති බවට අද (21) වාර්තා වුණා.

චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ කෝවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අමෙරිකාවේ CIA ඔත්තු සේවාව ඇතුළු ජාතික බුද්ධි ඒකකයන් විසින් අමෙරිකානු ජනාධිපතිවරයාට ඉකුත් ජනවාරි මාසයේදී රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කොට තිබුණා.

පළමු අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය කිසිදු තැකීමක් සිදු නොකළ බවයි එරට පරිපාලන කේෂ්ත්‍රයේ නිලධාරින් සහ බුද්ධි අංශ සාමාජිකයින් උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් පුවත් පත වාර්තා කර සිටියේ.

කෙසේ වුවත් ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු සෞඛ්‍ය බලධාරින් විසින් චීන සෞඛ්‍ය බලධාරින් සමග පළමු වරට ජනවාරි 03 වෙනිදා සාකච්ජා කර ඇත.

නමුත් චීනය තමන් මුහුණදී ඇති තත්ත්වය ගැන අමෙරිකානු බලධාරින්ට ලබාදුන් තොරතුරු ගැන බුද්ධි අංශ සිය රජයේ ප්‍රධානීන්ට යලි යලිත් අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටියේ තමන් සතුව ඇති වාර්තා වලට වඩා සාපේක්ෂව චින බලධාරින් කියුදේ සත්‍ය නොවීම හේතුවෙන්.

ඒ වන විටත් කොරෝනා වෛරසය ලොවපුරා ව්‍යාප්ත වෙමින් තිබුණු අතර හිටිහැටියේම පසුගිය පෙබරවාරි මස 03 වෙනිදා අමෙරිකානු ජනාධිපතිවරයා විසින් චීනයේ සංචාරය කළ පුද්ගලයින්ට අමෙරිකාවට ඇතුල්වීම තහනම් කරමින් නියෝගයක්‌ නිකුත් කරනු ලැබුවා.

නමුත් පෙබරවාරි 24 වෙනිදා ටුවිටර් සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරසයෙන් අමෙරිකාවට කිසිදු බලපෑමක් සිදුනොවන බවයි.

ජනාධිපතිවරයාගේ එම ට්විටර් සටහනෙන් දින කිහිපයකට පසුව අමෙරිකාවෙන් පළමු කොරෝනා වෛරස් රෝගියා වාර්තා වූ අතර ඉන් සති දෙකකට පසුව නොසිතු අයුරු වෛරසයේ ව්‍යාප්තිය එරට පුරා දක්නට ලැබෙන්නට විය.

මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරස් රෝගීන් 19,643 ක් සිටින අතර වාර්තාවන මරණ සංඛ්‍යාව 262ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.