Monday, May 20, 2024

General line - 0115112241

කොරෝනා යැයි සැක රෝගීන් පරීක්ෂා කිරීමට වෙනමම ගොඩනැගිල්ලක් සකස් කෙරේ




නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයින් 77 දෙනාගෙන් 69 දෙනෙකු මේ වන විට අංගොඩ IDH රෝහලේ තවදුරටත් ප‍්‍රතිකාර ලබනවා. සිවු දෙනෙකු අනුරාධපුර රෝහලේත්, තුන් දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේත් තවදුරටත් නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

කෙසේ වෙතත් කෝරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතුරින් දෙදෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේ දැයි මෙතෙක් නිශ්චිත තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පැවසුවේ.

කොරෝනා ආසාදිතයින්ට ප‍්‍රතිකාර කිරීම සදහා රෝහල් 30ක් පමණ මේ වන විට හදුනාගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන ප‍්‍රකාශ කළේ.

කොරෝනා ආසාදිතයින් ප‍්‍රතිකාර ලබන රෝහල්වලට වෙනත් ප‍්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් සීමා කිරීමටද සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති පියවර පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අදහස් පළ කරමින් සඳහන් කළේ කොරෝනා යැයි සැක කටයුතු රෝගීන් පරීක්ෂා කිරීම සඳහා ද ඉදිරියේදී වෙනම ගොඩනැගිල්ලක් යොදා ගන්නා බවයි.