Monday, May 20, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය කඩ කළ 291ක් අත්අඩංගුවට




ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 291 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ඉකුත් 20 වැනිදා පස්වරු 6.00 සිට අද (22) අලූයම  6.00 දක්වා කාලය තුළ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙලෙස වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ නිකුරුණේ ගැවසීම හේතුවෙන්.

අත්අඩංගුවට ගැණනු පිරිස අතර ඇදිරි නීතිය පනවා ඇති කාලසීමාවේ කී‍්‍රඩා පිටියක මත්පැන් පානය කළ පිරිසක්ද වනවා. ඊට අමතරව වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, ආපන ශාලාවක් විවෘතව තැබීම, බීමත්ව මාර්ගයේ අසෝබන ලෙස හැසිරීම සහ වෙළදාම් කිරීම යන චෝදනා යටතේ සෙසු පිරිස අත්අඩංගුවට ගැණුනු බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර කොළඹ ගම්පහ සහ පුත්තලම දිස්තී‍්‍රක්කවලට පනවා ඇති ඇදිරි නීතිය ලබන 24 වන අඟහරුවාදා පෙරවරු 6.00 දක්වා දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ එම දිස්ති‍්‍රක්කවලට එදින පස්වරු 2.00 ට යළි ඇදිරි නීතිය පැනවෙන බවයි.

සෙසු දිස්ති‍්‍රක්කවලට දැනට පනවා ඇති ඇදිරි නීතිය ලබන 23 වන සදුදා පෙරවරු 6.00 ට ඉවත් කෙරෙන අතර නැවත එදින පස්වරු 02.00 සිට 24 වන අගහරුවාදා පෙරවරු 6.00 දක්වා එම දිස්ති‍්‍රක්කවලට යළි ඇදිරි නීීතිය පැනවෙනු ඇති. 

සියලූ දිස්ති‍්‍රක්කවල ඇඳිරි නීතිය නැවත පැනවීම පිළිබඳ පසුව දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලූ මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතු බව ද රජය දැනුම් දෙනවා. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප‍්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ එක්රැස් කිරීමට කලබල නොවන ලෙයසි රජය ජනතාවට දැනුම් දෙන්නේ.