Wednesday, May 15, 2024

General line - 0115112241

ගත වූ පැය 24 තුළ ඉතාලියේ කොරෝනා මරණ 793ක්




ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්‍ෂය ඉක්මවා තිබෙනවා. මේ වනවිට රටවල් 188 කින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්‍ෂ 6,892 ක්.

සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 13,025 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24 දී ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 793 ක්. පැය 24 කදී එක් රටකින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවද මෙය වනවා.

මේ අතර ඉතාලියෙන් පසු ගත වූ පැය 24 දී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්. එම සංඛ්‍යාව 285 ක්. ස්පාඤ්ඤයෙන් මේ දක්වා කොරෝනා මරණ 1,378 ක් වාර්තා වී තිබෙනවා.

ගත වු පැය 24 දී ඉරානයෙන් කොරෝනා මරණ 123 ක් සහ ප‍්‍රංශයෙන් කොරෝනා මරණ 112ක් වාර්තා වුණා.