Monday, May 20, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය කඩ කරන තවත් පිරිසක් ගැන නාවික හමුදාව අවධානයෙන්




රජය විසින් පනවා තිබෙන ඇඳිරි නීතියට පටහැනිව ඇතැම් පුද්ගලයින් බෝට්ටු ආදිය යොදා ගනිමින් ගංගා ඔස්සේ ගමන් කරන බවට ලද තොරතුරු මත ගංගා හා අනෙකුත් ජල මාර්ග ආශ්‍රිතව නාවික හමුදා මුර සංචාර තරකර ඇති බව නාවික හමුදාව සඳහන් කර සිටිනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කර සිටියේ නාවික හමුදාව රටේ ස්ථාන කිහිපයකම මුර යාත්‍රා යොදා ගනිමින් මේ වන විට මුර සංචාර යොදා ඇති බවයි.

ඊට අමතරව පවතින වාතාවරණය ආවරණයක් කර ගනිමින් නීති විරෝධී ක්‍රියා සිදු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ද නාවික හමුදාව විමසිල්ලෙන් පසුවන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.