Monday, May 20, 2024

General line - 0115112241

රජය දෙන උපදෙස්වලට අවනත නොවුනොත් කොරෝනා සීග්‍රයෙන් පැතිරීමේ අවධානමක්




රජය, සෞඛ්‍ය අංශ සහ ආරක්‍ෂක අංශ ලබාදෙන උපදෙස්වලට ජනතාව අවනත නොවුවහොත් කොරෝනා වෛරසය රට තුළ සීග‍්‍රයෙන් ව්‍යාප්තවීමේ දැඩි අවධානයක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

කොරෝනා ආසාදිතයින් වැඩි වුවහොත් එය මෙරට සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයටද දරාගත නොහැකි වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

එම අවදානම් තත්ත්වය පිළිබද පැහැදිලි කරන අමෙරිකාවේ එම්. ඞී. ඇම්ඩර්සන් පිළිකා රෝහලේ සහ අමෙරිකාවේ වූෂ්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය කියා සිටියේ මෙම රෝගී තත්ත්වයන් යටතේ රෝගීන් රැසක් එකවර එකතු වුවහොත් රෝහල් තුළ කටයුතු සිදු කර ගැනීමට අපහසු වෙන බවයි. අද ලෝකයේ බොහෝ රටවලට සිදුව ඇත්තේ එවැනි තත්ත්වයක් බවත් කියා සිටියා.

කොරෝනා වෛරසය නොදැනුවත්ම බොහෝ දෙනා අතර ව්‍යාප්ත විය හැකි බැවින් ශී‍්‍ර ලාංකික ජනතාව කළයුතු සුදුසුම කි‍්‍රයාව වන්නේ මෙම අවස්ථාවේ සමාජයෙන් ඈත්ව සිටීම බවයි ඔහු මෙහිදි ප‍්‍රකාශ කළේ.