Monday, May 20, 2024

General line - 0115112241

කොළඹ ජනාකීර්ණ ස්ථාන රැසක් විෂබිජහරණය කරන්න පොලිසිය එක්වේ (PHOTOS)




කොවිඩ් - 19 නොහොත් කොරෝනා රෝග වසංගතය නිවාරණය සදහා ශ්‍රී ලංකා පොලිසිය දියත් කල වැඩසටහන් යටතේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ, කොළඹ කොටුව දුම්රියපොළ, මරදාන දුම්රියපොළ, ගුණසිංහ පුර පුද්ගලික බස් නැවතුම්පොළ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි පල්ලිය, ගංගාරාම විහාරස්ථානය යන පොදු ජනතාව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ මෙහෙයවීමෙන් අද (22) වන අද දින අධි වේග ජල ප්‍රහාරක යන්ත්‍ර යොදා සෝදා පවිත්‍ර කර විශබීජ නාශක දියර යොදා විශබීජහරණය කරන ලදී. 

මේ ආකාරයට ඉදිරි දිනවලදී බස්නාහිර පළාතේ අනෙකුත් පොදු ජනතාව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන පිරිසිදු කර විශබීජහරණය කිරීමට නියමිතව ඇති අතර අද දින සිදුකල මෙම වැඩසටහන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් මරදාන දුම්රියපොළේ දී පුද්ගලික අධීක්ෂණයට ලක් විය.