Monday, May 20, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු වෙළඳසැල් වෙත එන ජනතාවට උපදෙස් - කිසිම හේතුවක් නිසා නිවෙස්වල නිරෝධායනය වෙන අය එන්න එපා




ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමෙන් පසු ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසකින් එක් අයෙකු පමණක් ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ එහිදී පෙන්වා දුන්නේ "ඇඳිරි නීතිය ඉවත් කරන සෑම අවස්ථාවකම වෙළඳ සැල් අසළ භාණ්ඩ මිල දී ගැනීම සඳහා මහජනතාව එක්රැස්වීම ගැටලු සහගත තත්ත්වයක් වනවා. ජනතාව මේ ලෙස එකතු වුණොත් නැවත වරක් කොරෝනා වෛරසය පැතිර යෑමේ අවධානමක් මතු වෙනවා. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලන්නේ කිසිම හේතුවක් නිසා නිවෙස්වල නිරෝධායනයට ලක් කරලා තියෙන පිරිස් භාණ්ඩ මිල දී ගැනීම සඳහා වෙළඳසැල්වලට, මාර්ගයට යන්න එපා. ඒ වගේම ඇඳිරි නීතිය ඉවත් කළාම අනෙක් එක් නිවසකින් එක් කෙනෙක් වෙළඳසැල් වෙත පැමිණෙන ලෙසත් ඉල්ලනවා." යනුවෙනි.

ජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂාව පිළිබද වෙළදසැල් හිමියන්ටද වගකීම් පවරා ඇති බවයි ඔහු මෙහිදී ප‍්‍රකාශ කළේ.