Monday, May 20, 2024

General line - 0115112241

විදේශිකයන් 18 දෙනෙකු ගාල්ලේදී ස්වයං නිරෝධායනයට




විවිධ රටවලින් මෙරට සංචාරය කිරීම සදහා පැමිණි විදේශිකයන් 18 දෙනෙකු ගාලූ වරාය පොලිස් බලප‍්‍රදේශය තුළදී ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ගාල්ල වරාය පොලිසිය පියවර ගෙන තිබෙනවා. 

ඔවුන් ගාල්ල ප‍්‍රදේශයේ පිහිටි හෝටල් සහ ලැගුම්හල්වල ස්වයං නිරෝධායනයට යොමුවී සිටින බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එලෙස ස්වයං නිරෝධායනයට යොමුව ඇත්තේ ස්විට්සර්ලන්තය, ජර්මනිය, රුසියාව, හොංකොං සහ එංගලන්තය යන රටවලින් පැමිණි විදේශිකයින් 18 දෙනෙක්.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම පිරිස අධීක්‍ෂණය කෙරෙන බවයි පොලීසිය පැවසුවේ.