Monday, May 20, 2024

General line - 0115112241

කොටස් වෙළඳපොළ තවත් දින 02 කට වැසේ




කොළඹ කොටස් වෙළඳපොළ තවත් දින 02 කට වසා දැමීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින කොටස් වෙළඳපොළ වසා තබනු ඇති. ඊට හේතු වී ඇත්තේ කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ති‍්‍රක්කවලට පනවා ඇති ඇඳීරි නීතිය දීර්ඝ කිරීමයි. 

ඉකුත් සතියේද දින කිහිපයක් කොළඹ කොටස් වෙළඳපොළ වසා දැමුණේ රජයේ නිවාඩු දින ප‍්‍රකාශයට පත් කිරීම හේතුවෙන්. 

කෙසේ වෙතත්, කොටස් වෙළඳපොළ ගනුදෙනු සිදු වූ සෑම දිනකම එහි ගනුදෙනු සීඝ‍්‍රයෙන් පහත වැටුණු අතර මේ හේතුවෙන් දෛනික ගනුදෙනු නියමිත වේලාවට පෙර නතර කිරීමටයි සිදු වුණේ.