Monday, May 20, 2024

General line - 0115112241

උතුරට පැනවූ ඇඳිරි නීතියත් දීර්ඝ කෙරේ 




වව්නියාව, මුලතිව්, යාපනය, මන්නාරම සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික් සඳහා මේ වන විට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන අඟහැරුවාදා උදෑසන 6.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.

එලෙස උදැසන 6.00 ට ඉවත් කරනු ලබන ඇඳිරි නිතිය යලි සවස 2.00 ට පනවන බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ.

පසුගියදා යාපනය ප්‍රදේශයේ ආගමික වැඩසටහනකට සහභාගිවූ විදේශීය දේවගැතිවරයෙකුට නව කොරෝනා වෛරසය වැළදීම හේතුවෙන් එම වැඩසටහනට සහභාගිවූ පුද්ගලයින් සොයා ගන්නා තෙක් මෙම ඇඳිරි නිතිය ක්‍රියාත්මක කරන බවයි රජය සඳහන් කරන්නේ.

එමෙන්ම මෙම දිස්ත්‍රික්වල පදිංචි පුද්ගලයින්ට වෙනත් පළාත් වලට ගමන් කිරීමෙන් වලකින ලෙස රජය දැනුම් දී සිටිනවා.