Monday, May 20, 2024

General line - 0115112241

බන්ධනාගාරයන්ගේ ආරක්ෂාව තර කෙරේ




අනුරාධපුර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ සිද්ධිය සැලකිල්ලට ගනිමින් සියළු බන්ධනාගාරවල ආරක්‍ෂාව තර කර තිබෙනවා. 

බන්ධනාගාර මූලස්ථානය විසින් සියළු බන්ධනාගාර අධිකාරීවරුන්ට ඒ බව දන්වා ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව සේවා අවශ්‍යතා සළකා අවශ්‍ය නම් නිවාඩු ලබා සිිටින නිලධාරීන්ද සේවයට කැදවන ලෙසයි බන්ධනාගාර දෙපාර්තමේන්තු අධිකාරීවරුන්ට දැනුම් දී ඇත්තේ. 

බන්ධනාගාර රැදවියන්ට ලබාදී ඇති පහසුකම් සහ ආහාර එලෙසම ලබාදෙන ලෙසත් ඔවුන්ට යම් ප‍්‍රශ්නයක් පවතින්නේ නම් ඒ පිළිබද මුල් අවස්ථාවේදීම සාකච්ඡා කර විසදා ගන්නා ලෙසත් දැනුම් දී තිබෙනවා. 

රැදවියන් බන්ධනාගාරය තුළ සංවිධානාත්මක එකතු වන්නේ නම් ඒ පිළිබද අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසයි බන්ධනාගාර මූලස්ථානය, බන්ධනාගාර දෙපාර්තමේන්තු අධිකාරීවරුන්ට දැනුම් දී ඇත්තේ. 

අනුරාධපුර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ නොසන්සුන් සිද්ධියේදී බන්ධනාගාර නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් රැදවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එහිදී බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද ඇතුළු 08 දෙනෙකු ද තුවාල ලැබුවා.