Monday, May 20, 2024

General line - 0115112241

දිස්ත්‍රික්ක 08 කට හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරුවේ අවසන් වෙයි




කොළඹ, ගම්පහ, පුත්තලම, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (23) පෙරවරු 06.00 ට ඉවත් කෙරෙනවා. එය  අද සවස 02.00 සිට 24 වැනිදා පෙරවරු 06.00 දක්වා නැවත පනවන බවයි පොලිසිය පැවසුවේ.

පොලිසිය මෙන්ම සෞඛ්‍ය අංශ ද ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඇඳිරි නීතිය ඉවත් කරන කාලය තුළ යළිත් වරක් එක්රැස් වීම්වලින් වළකින ලෙසයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල්  රෝහණ පැවසුවේ අද දිනයේදී වෙළඳසැල් වෙත යන්නේ නම් එක් පුද්ගලයෙකු පමණක් නිවසින් පිටව යාම වැදගත් බවයි.

කොළඹ, ගම්පහ, පුත්තලම, යන දිස්ති‍්‍රක්ක සහ උතුරු පළාතට පැනවූ පොලිස් ඇඳිරි නීතිය 24 වැනිදා පෙරවරු 06.00 දක්වා ක්‍රියාත්මකයි. එදින සවස 02.00 සිට අදාළ ප‍්‍රදේවලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.