Wednesday, May 15, 2024

General line - 0115112241

ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව 15,000 ඉක්මවයි




ලොව පුරා වාර්තාවන කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන මේවනවිට තුන්ලක්ෂ 51,609 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති මරණ ගණන 15,361 ක්. ඉන් වැඩිම මරණ ප‍්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙන්. මේවනවිට ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 5,476 ක්. වෛරසය ආසාදනය වී ඇති එරට පුද්ගලයින් ගණන 59,138 ක් වනවා. යුරෝපයේ දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්. එරටින් වාර්තා වන මරණ ගණන 2,206 ක්. චීනයෙන් මේදක්වා මරණ 3,270 ක් වාර්තා වී තිබෙනවා. 

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ අමතර රෝහල් ඉදිකිරීමට ප‍්‍රංශය පියවර ගෙන තිබෙනවා. ඒ, එරට හමුදාවේ මැදිහත්වීම මතයි. ඒ අනුව නව කොරෝනා වෛරසයේ වැඩිම ව්‍යාප්තියක් දක්වට ලැබෙන නැගෙනහිර ප‍්‍රංශයේ නගර 02 ක් තුළ හමුදාව විසින් මෙලෙස නව රෝහල් ඉදිකරමින් සිටින බවයි පැවසෙන්නේ. 

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළට මගී ගුවන් යානා පැමිණීම හා ඒ හරහා සිදුකරන හුවමාරු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය කර තිබෙනවා. ඒ, නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින්. අනිද්දා සිට මෙම තීරණය කි‍්‍රයාත්මක බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ලොව කාර්යය බහුලම ගුවන් තොටුපළ ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ සැලකෙනවා. 

මේ අතර සාමූහික ලිංගික ක‍්‍රියා තහනම් කිරීමට බෙල්ජියම් රජය තීරණය කර තිබෙනවා. ඒ, ඉකුත් සතියේ පැවැති ලිංගික කි‍්‍රයාකාරකම් සහිත සාදයකට සහභාගී වූ 380 දෙනෙකුට නව කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුවයි. මෙම සාදයට 500 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බව විදෙස් වාර්තා අනාවරණ කළා.