Wednesday, May 15, 2024

General line - 0115112241

කොරෝනා හේතුවෙන් බ්‍රිතාන්‍යයත් සියලු කටයුතු නවතා දමයි




කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රට තුළ සියලූ කටයුතු අත්හිටුවීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. 

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 967 දෙනෙකු ඊයේ දිනය තුළ වාර්තා වීමත් සමගයි බි‍්‍රතාන්‍ය රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

බි‍්‍රතාන්‍යයෙන් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 335 ක්. වෛරසය ආසාදනය වී ඇති මුළු පුද්ගලයින් ගණන 6,650 ක් වනවා.