Sunday, May 19, 2024

General line - 0115112241

පොලිසියට සොයා ගැනීමට අවශ්‍යව සිටි පිරිස අතරින් එක් තැනැත්තියක් ගැන කරුණු පැහැදිළි කරයි




විදේශ ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට පත් නොවී සිටින තැනැත්තන් සොයා ගැනීම සඳහා පොලිසිය  මාධ්‍ය වෙත මුදා හරින ලද වාර්තාව සම්බන්ධයෙන් යළිත් පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව එම නිවේදනයේ සඳහන් කර ඇති පහත ඡායාරූපයේ දැක්වෙන අංක 265, සමගි මාවත පැලැන්වත්ත, පන්නිපිටිය ලිපිනයේ පදිංචිව සිටින බවට දන්වන ලද දැරණියගලගේ ශිරාණි පීරිස් යන අය 2020.03.05 දින ලංකාවට පැමිණ 2020.03.08 දින නැවත ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ හේතුවෙන් තව දුරටත් ඉහත සඳහන් තැනැත්තිය සම්බන්ධයෙන් සොයා බැලීමට අවශ්‍ය නොවන  බවට දැනුම් දෙන බවයි පොලිසිය  සඳහන් කරන්නේ.

නිවේදනය සම්බන්ධයෙන් අදාළ තැනැත්තිය යම් අපහසුතාවයකට පත් වූයේ නම් ඒ පිළිබඳව කණගාටුව පළ කරන බවයි පොලිසිය දැනුම් දෙන්නේ.