Friday, May 17, 2024

General line - 0115112241

කොරෝනා නිසා අපද්‍රව්‍ය බැහැර කිරීමේ විශේෂ වැඩපිළිවෙලක්




නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරිය විශේෂ වැඩපිළිවෙලක් යොදා තිබෙනවා.

විශේෂයෙන්ම ස්වයං නිරෝධායනය සඳහා නිර්දේශ කළ ජනතාව සිටින නිවෙස්වල අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා නිර්නායකයන් ද හඳුන්වා දී ඇති බවයි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලීන් මාන්නප්පෙරුම පැවසුවේ.