Friday, May 17, 2024

General line - 0115112241

අගමැතිගේ නියමයෙන් ජනතාවට සහන




නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් ජනතාවට තවත් සහන රැසක් ලබා දී තිබෙනවා.

රට තුළ උද්ගතව ඇති කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා සියලූ පක්ෂවල නායකයින්ගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (24) පැවති සාකච්ඡාවකදී අග‍්‍රාමාත්‍යවරයා මෙම තීරණවලට එළඹුණා.

ඒ අනුව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අසරණ වී සිටින දෛනික වැටුප් ලබන කම්කරු ජනතාවට නොමිලේ අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් ලබා දීමටයි රජය තීරණය කර ඇත්තේ.

එමෙන්ම ලොතරැයි අලෙවි නියෝජිතවරුන් සදහා රුපියල් 2 500 ක දීමනාවක් ලබා දීමට ද තීරණය කර තිබෙනවා. එමෙන්ම, අත්‍යාවශ්‍ය රාජකාරීවල නිරත ති‍්‍රවිධ හමුදා, පොලිසියේ පවුල්වලට මෙන්ම වෛද්‍යවරුන්, හෙද - හෙදියන් ඇතුලූ සියලූම රෝහල් කාර්යය මණ්ඩල සඳහා නිවෙස්වලටම අත්‍යාවශ්‍ය භාණ්ඩ නොමිලේ ලබා දීමටයි අග‍්‍රාමාත්‍යවරයා නියෝග කර ඇත්තේ.

ඒ අනුව එම කාර්යය යුධ හමුදාව විසින් ඉටු කරනු ඇති. මෙම සියලූ යෝජනාවලට පක්ෂ නායකයින් එකඟ වූ බවයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.