Friday, May 17, 2024

General line - 0115112241

කොරෝනා වැළඳී ඉතාලියේදී මිය ගිය බව කියන ශ්‍රී ලාංකිකයාගේ සිද්ධිය ගැන තොරතුරු සොයයි




ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියෙක් කොරෝනා වෛරසයට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාව පිළිබඳව මේ වන විටත් සත්‍ය තොරතුරු සොයමින් පවතින බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.

ඔහු පෙන්වා දෙන්නේ එම සිද්ධියට අදාළ තොරතුරු තහවුරු කර ගැනීම වෙනුවෙන් එරට පිහිටි තානාපති කාර්යාලය හා සම්බන්ධ වෙමින් මේ බව සොයමින් ඇති බවයි.

මේ අතර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි නයිටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු ඇති බවද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.