Friday, May 17, 2024

General line - 0115112241

මොරටුවේ ජනතාවට සහන මල්ල අද සිට - ජනතාව මුහුණ පා සිටින ගැටලූ විසඳා දීමට 'තෙන්' තවදුරටත් ක්‍රියාත්මකයි




මොරටුව මහ නගර සභාව විසින් නව කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ප‍්‍රදේශවාසීන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩසටහනක් අද (25) සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

එම නගර සභාව මෙවැනි තීරණයකට එළඹ ඇත්තේ උද්ගතව ඇති තත්ත්වය සමග ජනතාව මුුහුණ පා සිටින ගැටලූ පිළිබඳව නෙත් නිවුස් කළ අනාවරණයක් සමගයි.

ඒ සම්බන්ධයෙන් ද මොරටුව නගරාධිපති සමන්ලාල් ප‍්‍රනාන්දු අදහස් දැක්වූවා. 

මේ අතර කොරෝනා වෛරසයෙන් රට නිදහස් කර ගැනීම සඳහා කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ නෙත් නිවුස් මෙහෙයුම් මැදිරිය තවදුරටත් කි‍්‍රයාත්මකයි.

නිරෝධායන කි‍්‍රයාවලිය සඳහා අදාළ අංශවලට සහය ලබාදීම සහ මතුව ඇති තත්ත්වයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණ වනවා.

රට තුළ පවතින තත්ත්වය සමග කිසියම් අයෙකු යම් අපහසුතාවකට ලක්ව සිටී නම් එවැනි පුද්ගලයින්ට කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ නෙත් නිවුස් මෙහෙයුම් මැදිරිය වෙත තොරතුරු ලබාදිය හැකියි. 077 20 70 468, 077 50 16 849 සහ 076 37 42 884 යන දුරකතන අංක අමතා ඔබට තොරතුරු ලබාදිය හැකි වනවා.

ඊයේ දිනයේ ද කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ නෙත් නිවුස් මෙහෙයුම් මැදිරිය වෙත ජනතාවගෙන් තොරතුරු රැසක් ලැබුණු අතර ඊට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට නෙත් එෆ් එම් රේඩියෝව පියවර ගත්තා.