Friday, May 17, 2024

General line - 0115112241

ලංකා ධීවර සංස්ථාවටත් පොලිසිය අවසර දෙයි




ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ මෙරට සියලූම රෝහල්, සතොස ඇතුලූ රාජ්‍ය ආයතන සඳහා මසුන් සැපයීමට ලංකා ධීවර සංස්ථාවට පොලිසිය අවසර ලබා දී තිබෙනවා.

මෙම සැපයුම් කි‍්‍රයාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ධීවරයින්ගෙන් මසුන් මිලදී ගැනීමටත්, මිලදී ගන්නා මසුන් ශීතාගාරවල ගබඩා කිරීමටත්  ඒ අනුව කටයුතු කෙරෙනු ඇති.

අදාළ මත්ස්‍ය තොග සැපයුම් ස්ථාන කරා ප‍්‍රවාහනය කිරීම සඳහා ඇඳිරි නීති බලපත‍්‍ර නිකුත් කිරීමට අවශ්‍ය නොවන බවයි පොලිසිය පැවසුවේ.

අදාළ ප‍්‍රවාහන කටයුතු සිදු කරන සේවකයින් ලංකා ධීවර සංස්ථාවට මසුන් සපයන ධීවරයින් සහ සැපයුම් කරන ලොරි රථ සඳහා ධීවර සංස්ථාවේ ලිපි ශීර්ෂයන් යටතේ ලිපියක් මගින් අවසරපතක් නිකුත් කර තිබෙනවා.

එම අවසරපත ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ පමණක් ඇඳිරි නීති අවසරපතක් ලෙස භාවිත කළ හැකි බවයි පොලිසිය පැවසුවේ.