Friday, May 17, 2024

General line - 0115112241

දාන මාන නොමැති විහාරස්ථාන ඇත්නම් දැනුම් දෙන්න




කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ දාන මාන පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සඳහා පහසුකම් සැළසීමට සමස්ථ ලංකා සාසනාරක්ෂක මණ්ඩලය සූදානම්ව සිටින බව දැනුම් දෙනවා.

එවැනි විහාරස්ථාන සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා මගින් දැනුම් දීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ දන්වා සිටිනවා.

ඒ  සම්බන්ධ වැඩිදුර විමසීම් සඳහා දුරකතන අංක කිහිපයක්ද දක්වා තිබෙනවා.

0714 42 20 06
0382 23 28 68
0714 39 44 49
0372 26 72 25