Friday, May 17, 2024

General line - 0115112241

චීනය "කොරෝනා" ජයගත් රහස ගැන හෙළිදරව්වක්




නව කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත් වූ චීනයේ වූහාන් නගරය සහ එරට බොහෝ ප‍්‍රදේශ මෙම වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට සමත්ව තිබෙනවා.

එරට ජන ජීවිතය ද මේ වනවිට සාමාන්‍ය අතට පත්වෙමින් තිබෙන බවයි, විදෙස් වාර්තාවල දැක්වුණේ.

ජීවිත දහස් ගණනක් බිලිගත් චීනයේ මෙම වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට යොදා ගත් උපක‍්‍රම කවරේද. මේ පිළිබඳව බොහෝ දෙනා තුළ පවතින්නේ දැඩි අවධානයක්.

චීනයේ වෙසෙන අනුර ද සිල්වා මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ චීන රජය පැනවූ නීති සහ ලබා දුන් උපදෙස් එරට වැසියන් එලෙසින්ම පිළිපැදීම හේතුවෙන් එරට ව්‍යාප්ත වූ මෙම ව්‍යසනකාරී තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බවයි.

චීන රජය නව කොරෝනා මර්දනය සඳහා යොදාගත් සැලසුම් පිළිබඳව ද ඔහු මෙහිදී විස්තර කළා. 

චීනයෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් 81,218 දෙනාගෙන් 73,650 දෙනෙකු මේ වනවිට සුවය ලබා තිබෙනවා. චීන රජය ගත් සැලසුම් සහගත පියවරයන් හේතුවෙන් මේ වනවිට එරට රෝහල්වලින් සුවය ලබා පිටව යන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි එරට වෙසෙන අනුර ද සිල්වා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.